ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු ආධාර රැගෙන තෙවන නෞකවත් දිවයිනට

(උදයම්,කොළඹ)  –  අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් ඉන්දියාවේ “ජලශ්වා“  නෞකාව කොළඹ වරායට පැමිණෙයි.ඉන්දියානු රජය විසින් ආධාර රැගෙන මෙරටට එවන ලද තෙවන නෞකව මෙයවේ.

එම ආධාර ජනාධිපති ලේකම්වරයා විසින් බාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කරයි.

නෞකාවෙන් පැමිණි  වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබේ.

වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍යය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය, ඇතුළත් ටොන් 10ක් පමණ වන ආධාර තොගයක් මෙලෙස හිමිව ඇති බව වාර්තාවේ.

Related posts

ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ එක්ව යුද්ධ හමුදාව ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවන්න සුදානම්

Mohamed Dilsad

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

Mohamed Dilsad

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment