ප්‍රමුඛ පුවත 1

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)   –  සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු මෙන්ම ප්‍රවීණ සිනමා විචාරකයකු වූ  සුනිල් මිහිදුකුල මහතා අභවප්‍රාප්ත වෙයි.

කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අද (30) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මිය ගොස් තිබේ.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සිනමා කලාව හා විචාරය පිළිබඳ ඉමහත් දායකත්වයක් දැක් විය.

1995 දී මුල්වරට ලේක්හවුස් ආයතනය සමග සම්බන්ධ වූ සුනිල් මිහිදුකුල මහතා රසඳුන, විචිත්‍ර කලා පත්තරවල සේම තිර තරු සහ රස පත්තරවලටද ඒ මහතා කර්තෘවරයා ලෙස සම්බන්ධ විය.

කලක්  සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා ලෙසද කටයුතු කර තිබේ.

තිස් වසරක පමණ කාලයක් පුවත්පත් කලාවේ නිරතවූ ඔහු “ රුක්මණී දේවි නිළිය ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය“,“ මහගම සේකර ගේ තුං මං හන්දිය විමසීමක්“, “කඩවුණු පොරොන්දුව සහ මිනර්වා චිත්‍රපට සම්ප්‍රදාය“, “ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිංහල සිනමාව“,“මාර්ටින් වික්‍රමසිංහ සහ සිංහල චිත්‍රපට විචාරය“, “ජයවිලාල් විලේගොඩ ගේ තෝරා ගත් සිනමා විචාර“, “සිනමාවට හැදින්වීමක්,ඉන්දීය සිනමාවේ දහ තුන් වැනි භාෂාව“, “විශ්ව කීර්තිධර නාට්‍යකරුවෝ“,“උත්තම පුරුෂ ඒක වචන“,“මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යාවලිය“, “පර්යායලෝකය,“ “පික්චර් පිස්සා,“ “ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ“ ආදී ග්‍රන්ථ රාශියක් සම්පාදනය කර  ඇත.

සුනිල් මිහිදුකුල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූනි මස 01 වන බ්‍රහස්ප්‍රතින්දා දින සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

2019 අයවැය කලින් එයි

Mohamed Dilsad

සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment