ප්‍රමුඛ පුවත 1

ගාලුපාර තාවකාලිකව වසා දැමේ

(උදයම්,කොළඹ) –  සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හංදියෙන් සහ සෙරමික් හංදියෙන් ගාලු පාර වසා දමාඇති බෙව පොලිසිය දැනුම් දෙයි.

මෙම පාගමන  කොල්ලුපිටිය ප්‍රදේශය පසුකර පැමිණෙන බැවින් කොල්ලුපිටිය ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දෙයි.

ඒ අනුව කොළඹට ඇතුලුවීම සඳහා කොල්ලුපිටිය හංදියෙන් ධර්මපාල මාවත ,ජේම්ස් පීරිස් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ කොළඹට පැමිණිය හැක.

කොළඹින් පිටවීම සඳහාද කොම්පඤ්ඤවීදිය හරහා මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.

Related posts

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment