ක්‍රීඩා

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිලිබඳ සකච්ඡා

(උදයම්,පාකිස්ථානය)  – එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුර ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිළිබදව සාකච්ඡා කිරීමට අදහස් කරන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශහරියර් ඛාන් පවසයි.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය පාකිස්තානය ආරම්භ කරන්නේ ජුනි 4 වන දා ඉන්දියාව සමඟ එඩ්බැස්ටන් හි පැවැත්වෙන තරඟයකිණි.

විශේෂයෙන් එහිදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ මේ පිළිබදව සාකච්ඡදා කරන බවයි පාකිස්තාන පාලක මණ්ඩල සභාපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නියමයන්ට අනුව 2015 සිට 2023 දක්වා ඉන්දියාව, පාකිස්තානය සමඟ ද්වි පාර්ශවික තරගාවලි 6කට සහභාගි විය යුතු වුවත්, ඉන් එකදු තරගාවලියක් හෝ මෙතෙක් පවත්වා නොමැත.

Related posts

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

Mohamed Dilsad

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

Mohamed Dilsad

Leave a Comment