Trending Newsඑසැන පුවත්දේශීය

ශිරන්ති FCID යෙන්, සහ නාමල් CID යෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත. පැය හතරක පමණ කාලයක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය එහි රැඳී සිටියාය.

ඒ අනුව සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඉකුත් 27 වන දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

එසේ වුවත් ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමාට එහි පෙනී සිටීම වෙනුවෙන් සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසයි.

එබැවින් ඇය අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (03) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
 

Related posts

தென் பிலிப்பைன்ஸில் இடம்பெற்ற மோதலில் 19 பொதுமக்கள் பலி

Mohamed Dilsad

Remains of Lankan UN Peacekeepers accepted amidst Military Honours at BIA

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

Editor O

Leave a Comment