Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මාරාන්තික උපවාසයේ යෙදුන 06 වෙනියාත් රෝහල්ගත කරයි

පාසල් සංවර්ධන නිලධාරීන් විසින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද අද (01) සන්ධ්‍යාවේ රෝහල්ගත කර ඇත.

මෙම උපවාසය අද ක්‍රියාත්මක වුයේ 7වැනි දිනට වන අතර මාරාන්තික උපවාසේ යෙදී සිටි හයදෙනකු රෝහල්ගත කර ඇත.

සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබානොදුන් බැවින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හෙට (02) දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළහ. .

Related posts

Irish Anti-Abortion Doctors in conscientious objection row

Mohamed Dilsad

போலியான கச்சேரியொன்றை நடாத்தி வந்த பெண் கைது

Mohamed Dilsad

EU – Sri Lanka Investor Dialogue to Boost Trade and Investment from Europe

Mohamed Dilsad

Leave a Comment