Trending Newsඑසැන පුවත්දේශීය

අම්මා FCID | පුතා CID | එකම දවසේ කැඳවයි

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට, ලබන මස 3 වැනිදා ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස  දන්වා ඇතැයි වාර්තා වේ.

‘ඒ අනුව සිරිලිය සවිය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය. 

මීට පෙර අවස්ථාවක කළ දැනුම්දීමකට අනුව පෙනී සිටීමට අපොහොසත් වීම නිසා, ඇය විසින්ම ඉල්ලා සිටි පරිදි මෙම නව දිනය වෙන්කර දී ඇත.

නාමල් රාජපක්ෂ මහතාට එදින පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. 

Related posts

බැසිල් අධිකරණයට නොපැමිණි හේතුව මෙන්න

Editor O

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

US lawmakers demand accountability for killing of Saudi journalist Jamal Khashoggi

Mohamed Dilsad

Leave a Comment