Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය ඇමතිට අවසන් දැනුම්දීම කරයි

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකරන්නේනම්, එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (28) රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ බලය ලබාදී තිබේ.

ඒ අනුව, මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිහිපයකට එළඹ ඇති අතර දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩ තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර ඇත.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකෙරෙන අතර දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

Related posts

மூன்று முறையில் சிறையிலிருந்து இரகசியமாக வெளியே சென்ற சசிகலா!

Mohamed Dilsad

Karannaagoda appears before CID [UPDATE]

Mohamed Dilsad

Slight change in dry weather from today – Met. Department

Mohamed Dilsad

Leave a Comment