රටේ දැඩි ආන්දෝලනයකට ලක් වූ සූරියකන්ද ප්‍රදේශයේදී ගංජා වගාවක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිද්ධියට අදාළ නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ. .
එම සමථ වාර්තාව 2026 ජූනි මස 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණේ මන්ත්‍රීවරයාගේ කැබ් රථයට අයුතු ලෙස අවහිර කිරීම සහ සාපරාධී ලෙස බිය ගැන්වීම යන චෝදනා යටතේයි.
මෙම සිද්ධිය හේතුවෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනම් කර ඇත.
පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විජිත ජී. පුංචිහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රශ්න සහගත බව පවසමින් පොලිස් නිලධාරියා රෝහලින් පිටවී පැය හයක් ගතවීමටත් පෙර ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
