Trending Newsඑසැන පුවත්දේශීය

ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට ආණ්ඩුව, උත්සාහ කළත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් ආණ්ඩුවට එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. .

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. .

එසේම අධ්‍යාපන ක්⁣ෂේත්‍රය ගැන ප්‍රවීණයන් සිටින බවත් මේ අය සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරන බවත් විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. .

Related posts

UPDATE -Kyoto Animation fire: At least 23 dead after suspected arson attack

Mohamed Dilsad

Presidency: UNP candidate depends on SLPP candidate

Mohamed Dilsad

இன்னும் சற்று நேரத்தில் எதிர்ப்பு பேரணி; கொழும்பை நோக்கி

Mohamed Dilsad

Leave a Comment