Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවෙන් ගෙන්වූ බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය පහළට

මෙම වසරේදී ආනයනය කළ ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි. එබැවින් .ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවය.

දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවය.

කෙසේ වෙතත්, මේ වන විට එම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය විදුලි ජනන කටයුතු සඳහා භාවිතා කිරීම තාවකාලිකව නවතා ඇති බව සඳහන් වේ.

ඒ වෙනුවට, පසුගිය වසරේ මෙරටට ගෙන්වන ලද රුසියානු ගල්අඟුරු යළි භාවිතයට ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය ඉන්දීය ටෙන්ඩරයක් අනුව දකුණු අප්‍රිකාවෙන් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

Related posts

கூட்டுறவு துறையில் நிலைபேண் அபிவிருத்தி – வியட்னாமில் மாநாடு ஆரம்பம்…

Mohamed Dilsad

US top official to arrive in Sri Lanka next week

Mohamed Dilsad

தனியார் பேருந்துகள் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment