Trending Newsඑසැන පුවත්දේශීය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සඳහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය.

පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Related posts

Modric beats Ronaldo and Messi to win Ballon d’Or

Mohamed Dilsad

SDIG Nanayakkra further remanded

Mohamed Dilsad

சர்வதேச ஒலிம்பிக் நிர்வாகம் இந்தியா மீதான கட்டுப்பாடுகளை நீக்கியது?

Mohamed Dilsad

Leave a Comment