Trending Newsඑසැන පුවත්දේශීය

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 11 අත්අඩංගුවට

දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව දිගුදුර නෞකා යොදාගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී එක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ද, අනෙක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය, බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

New Zealand Mosque attacks’ suspect appears in Court [UPDATE]

Mohamed Dilsad

அலுகோசு பதவிக்கு 8 விண்ணப்பங்கள் சமர்பிப்பு

Mohamed Dilsad

Australia supports tourism related marketing – Gayantha Karunathilaka

Mohamed Dilsad

Leave a Comment