ප්‍රමුඛ පුවත 1

වස්ගමුවේදී වෙඩි වැදී පුද්ගලයෙකු මරුට

(උදයම් , කොළඹ) – වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් සහ වනජීවී නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පිරිස ඊයේ(17) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තාවේ .

විල්ගමුව ප්‍රදේශයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට ඔවුන් ඇතුල්වී ඇති අතර එහිදී වනජීවී නිලධාරීන් විසින් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීමට සුදනම් වී ඇත.

එහිදී වනජීවී නිලධාරීන්ට එම පිරිස වෙඩි තබා ඇති බවපොලීසිය සිදුකරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය විය.

අනතුරුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

එහිදී අනවසරයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසෙහි සිටි පුද්ගලයෙකු වෙඩි ප්‍රාහාරයකට ලක්ව තිබේ.

විල්ගමුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට මාරු කර යැවීමේදී ඔහු මියගොස් ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මියගොස් ඇත්තේ දුනුවිලපිටිය, මැදකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙකි.

මියගිය පුද්ගලයා ළඟ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන විල්ගමුව පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
 

Related posts

කලුතර මුහුදේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්.

Mohamed Dilsad

ෆේස් බුක් සාදයක සිටි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment