වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් රටේ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි..
රත්නපුර කොලොන්නේ පැවති ජන හමුවකදී ඔහු කියා සිටියේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස වෙනුවට අද දරුවන්ගේ මනස විකෘති වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
STEAM අධ්‍යාපනය, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය වැනි විෂයන් ප්‍රමුඛ කරමින් ශිෂ්ටසම්පන්න අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවයි ඔහු අවධාරණය කරයි. .
එමෙන්ම දරුවන්ට ලබා දෙන සුහුරු උපකරණ, ආරක්ෂිත ක්‍රමවේද සහිතව ලබා දීම රජයේ වගකීමක් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. .
උද්දච්චකම තුළීන් රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකි බවත් සාකච්ඡාවෙන් අදහස් හුවමාරුවෙන් එය සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය .
