Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු කොමිෂමේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වූ නීතීඥ ජගත් ලියනාරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපති අනුර දිසානායක වෙත යොමුකර ඇති බව සඳහන්.

පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරින් ඉල්ලා අස්වන බව ජගත් ලියනාරච්චි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවත් වාර්තා විය.

නීතීඥ ජගත් ලියනාරච්චි මහතා යනු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත සම්බන්ධයෙන් මෙරට ඉහළම දැනුමක් ඇති පුද්ගලයින් කිහිපදෙනාගෙන් කෙනෙක් වන අතර,. ඒ මහතා, තොරතුරු පනත පිළිබඳ සහ මානව අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන් විශාල සංඛ්‍යාවකට සම්පත් දායකත්වය ලබාදී ඇත.

Related posts

இலங்கை மீனவர்கள் இந்தியாவில் கைது

Mohamed Dilsad

බාල ඖෂධ ආනයනය කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

இலங்கை தொடருக்கான தென்ஆப்பிரிக்கா அணி

Mohamed Dilsad

Leave a Comment