Trending Newsඑසැන පුවත්දේශීය

කිලිනොච්චිය, මුරුසුමොටේ ප්‍රාදේශයේ රිය අනතුරක් |තිදෙනෙක් ජීවිතක්ෂයට

කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මුලතිව් මාර්ගයේ මුරුසුමොටේ ප්‍රදේශයේදී පරන්තන් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ මගී බස් රථයක , මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ රියැදුරු හා එහි ගමන් කළ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 32, 34 හා 46 වයස්වල පසුවූ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තුවාලකරු කිළිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියැදුරු ද ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

මෘත ශරීර කිළිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිළිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

India beat spirited Hong Kong by 26 runs in Asia Cup

Mohamed Dilsad

All-party conference concluded [UPDATE]

Mohamed Dilsad

බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment