Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගේ සංචාරය ගැන විමර්ශනයට බ්‍රිතාන්‍යයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලා පොලිස් මූලස්ථානය ට තොරතුරු ඉල්ලීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන තොරතුරු සෙවීමට එරටට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම සඳහා වැය කළ මුදල් හා අනෙකුත් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

නිදහස් මාධ්‍යවේදනියක් වන තිළිණි රණසිංහ මහත්මිය විසින් ඊයේ (8) සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයට යෑමේදී රුපියල් මිලියන 16.6 ක් රාජ්‍ය මුදල් වැය කර ඇති බවත් එම ගමන සඳහා නිල ආරාධනයක් නොතිබූ බවත් සඳහන් කරමින් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳ නිශ්චිතව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරට සංචාරයක නිරත වූහ.

මෙම නිලධාරීන් කොළඹින් පිටත් වූ අවස්ථාවේ සිට ඔවුන් නැවත ලංකාවට පැමිණෙන දිනය දක්වා තොරතුරු ලබා දෙන ලෙස ඉහත පැමිණිල්ලෙන් දැනුම් දී තිබේ.

පොලිස් මූලස්‌ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ තිළිණි රණසිංහ මහත්මිය කියා සිටියේ රටේ බදු ගෙවන පුරවැසියෙක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධව සියලු තොරතුරු ලබා ගැනීමට තමන්ට අයිතියක් ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා ‍එරටට කොපමණ නිලධාරීන් පිරිසක් ගියේද,ඔවුන් කොපමණ කාලයක් එරට රැඳී සිටියේද, ඔවුන් සඳහා කොපමණ මුදලක් වැය කෙළේද, ඔවුන්ගේ ඒ විමර්ශනයේ ප්‍රගතිය කුමක්ද යන්න පිළිබඳව සියලු තොරතුරු ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටි බව ඇය ප්‍රකාශ කළාය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ දින 14 ඇතුළත මෙම තොරතුරු තමන් වෙත ලබාදිය යුතු බවත් එම තොරතුරු ලැබීමෙන් පසු ඊළඟ පියවර ගන්නා බවත් තිළිණි රණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

ரசிகரை வியப்பில் ஆழ்த்திய டோனி… வைரலாகும் வீடியோ

Mohamed Dilsad

16-Hour water cut in Kalutara

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment