Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමය තීරණය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු සුදුසු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා වී ඇත. 

කථානායකවරයා විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකුගෙන් සහ සාමාජික මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් මෙම කාරක සභාව සමන්විත වේ. 

මෙම කාරක සභාවට, අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු සාක්ෂි සඳහා කැඳවීමට සහ ලේඛන ගෙන්වා ගැනීමට බලය ඇත.

අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සහාය ලබා ගත හැක.

පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති අවස්ථාවක වුවද රැස්වීම් පවත්වාගෙන යාමට බලය පවතී.

මෙම කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද නියම කර ඇත.

2017 අංක 17 දරන පනත මගින් හඳුන්වා දුන් ‘මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය’ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය මෙතෙක් අවසන් කර නොමැති වීම හේතුවෙන් සියලුම පළාත් සභා මේ වන විට මහජන නියෝජිතයන්ගෙන් තොරව පවතී. 

මීට පෙර 2022 වසරේදී පත් කරන ලද කාරක සභාව විසින් සීමා නිර්ණය අවසන් වන තෙක් සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට නිර්දේශ කර තිබුණද, සාමාජිකයන් 17 දෙනෙකුගෙන් යුත් එම කාරක සභාවේ වාර්තාවට අත්සන් තබා තිබුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණි.

Related posts

பெரும்பாலான பிரதேசங்களில் சீரான வானிலை…

Mohamed Dilsad

අගමැති හරිනි මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා..? – සමගි ජනබලවේගය සහ පැෆරල් සංවිධානයෙන් කොමිෂමට පැමිණිලි

Editor O

பால் மா விலை அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment