මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයේ අද (08) පස්වරුවේ රික්ටර් මාපක 2.2 ක අගයකින් යුත් සුළු භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කරයි. .
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය අවධාරණය කරයි. .
වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශ ආශ්‍රිතව ස්ථාපනය කර ඇති භූ කම්පන මානවල මෙම කම්පනය සටහන් වී තිබේ. .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විද්‍යාත්මක අධ්‍යයනයන් මේ වන විටත් ක්‍රියාත්මක බව වාර්තා වන අතර මෙම සුළු කම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ. .
