Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක ගැන තොරතුරු පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ යන නමින් හඳුන්වන පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.

ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව පැවසූ අමාත්‍යවරයා, අවශ්‍යතාවයක් වුවහොත් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව කීවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ දැනට රැස්කරගෙන ඇති තොරතුරු පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බවය.

මෙම ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ ඉතා ගැඹුරු සහ විධිමත් පරීක්ෂණයක් පවත්වනු ලබයි.

විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බැවින්, දැනට අනාවරණය වී ඇති ඇතැම් සංවේදී තොරතුරු මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

SLFP to name a Presidential Candidate

Mohamed Dilsad

காலநிலை

Mohamed Dilsad

மெகா கூட்டணி, ஜனாதிபதி வேட்பாளர் நாளை மறுதினம்

Mohamed Dilsad

Leave a Comment