Trending Newsඑසැන පුවත්දේශීය

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකට නායයෑමේ රතු නිවේදන

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, බොහෝ ප්‍රදේශවල මේ වනවිට නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බවය.

එනිසා විශේෂයෙන්ම තීව්‍ර බෑවුම්, මිටියාවත්, නිම්න, නිර්මාණය කරන ලද කණ්ඩි හෝ අනතුරුදායක ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර හැකි ඉක්මනින් එවැනි ස්ථානවලින් ඉවත්ව ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙසද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර දිස්ත්‍රික්ක තුනක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු අඟවා තිබේ.

Related posts

தனது அடுத்த இலக்கு இதுவே

Mohamed Dilsad

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

Editor O

අද සිට වෙළෙඳපොළට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් – ලිට්‍රෝ සමාගම

Mohamed Dilsad

Leave a Comment