Trending Newsඑසැන පුවත්දේශීය

පෙළ පොතක් මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක් | පෙර ආණ්ඩුවල වැරැදි දේශපාලකයින්ගේ | වත්මන් ආණ්ඩුවේ වැරැදි රාජ්‍ය සේවකයන්ගේ – හිටපු ඇමති රාජිත

වර්තමාන ආණ්ඩුව පෙළ පොතක් මුද්‍රණය කරගත නොහැකි තත්ත්වයට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පොත් ලක්ෂ හතරක් මුද්‍රණය කර පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් කැඩීම දැන් ආරම්භ කර ඇති බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව රටේ ජනතාව මිලියන 220න් 200ක් බලන මාධ්‍ය තහනම් කිරීමට සැරසෙන බව ද එවිට ජනතාව නිහඬව සිටිනු ඇතැයි නොසිතිය යුතු බවත් රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

පෙර ආණ්ඩු සමයේ සියලු වැරදි දේශපාලකයන්ට පැටවුව ද වර්තමාන ආණ්ඩුව යටතේ සියලු වැරදි රාජ්‍ය නිලධාරීන් පිට පටවමින් ආණ්ඩුව අත පිසදා ගන්නා බවට ද ඔහු චෝදනා කරයි.

Related posts

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Mohamed Dilsad

Abbas calls for Mideast peace conference in rare UN speech

Mohamed Dilsad

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක්

Editor O

Leave a Comment