Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාල ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

නේපාලයේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට  ගොඩබෑමේදී ‘බුද්ධා එයාර්’ යානයක් 03 වෙනිදා අලුයම අනතුරකට ලක්ව ඇත.

මෙම යානය නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වූ යානයකි.

කත්මණ්ඩු නුවර සිට පැමිණ ඇති මෙම යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සාගොස් මෙම අනතුරට ලක්ව තිබේ.

නේපාල බලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 51ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4ක් සිටි බවය.

කෙසේ නමුත් ඒ කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවට වාර්තා වේ.

Related posts

ஒரு சில கருப்பு ஆடுகளால்தான் அந்த பிரச்சனை ஏற்படுகிறது…

Mohamed Dilsad

One dead, nearly 40 injured in Madagascar stadium stampede

Mohamed Dilsad

ලෝක කාලගුණ වෙනසට විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment