නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව හෙට (04) අලුයම දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව හෙට අලුයම 4ත් 5ත් අතර කාලය තුළ ඊසානදිග අහසේ මෙම උල්කා වර්ෂාව දර්ශනය වනු ඇත.
පැයකට උල්කා 80ක් පමණ දර්ශනය වන බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
එය Quadrantids ලෙස හැදින්වෙන අතර බූට්ස් (Boots) යන තාරකා රාශිය ආශ්‍රිතව පියවි ඇසට දැක ගත හැකි බව ඔහු සඳහන් කළේය.
