රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රං සංචිතයෙන් දේව රුව සහිත රත්‍රං හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70%ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේ තිළිණ මදුසංක තීරණය කර ඇත. .
මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කරන බවද සඳහන්.
මෑත ඉතිහාසයේ බැතිමතුන් පූජා කළ රත්තරන් විනිවිදභාවයකින් යුතුව රජයට ලබා දීමට කටයුතු කරන බවද බස්නායක නිලමේවරයා සඳහන් කරයි..
___________________________________________
රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන තිළිණ මදුසංක වත්මන් ආණ්ඩුවට සහය පළ කරන්නෙක් බවද වාර්තාවේ. එමෙන්ම බස්නායක නිලමේ ලෙස පත්වීමට පෙර හෙතෙම, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙසද පත්කර සිටියහ.
