Trending Newsඑසැන පුවත්දේශීය

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ ඇතුළත් මතභේදාත්මක සහ නුසුදුසු කොටස් ඉවත් කර එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කර ඇතැයි ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මෙම පොත්වල අදාළ කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බවද හෙතෙම කියයි..

මෙම මොඩියුලයේ පොත් ලක්ෂ තුන හමාරක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6 කට අධික මුදලක් වැය කර ඇති බව වාර්තා වේ. 

දැනට කොළඹ පිහිටි ගබඩාවල සුරක්ෂිතව ඇති මෙම පොත් කිසිවක් මෙතෙක් පාසල් වෙත මුදාහැර නොමැති බව ලේකම්වරයා සඳහන් කරයි.

නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටස බෙදාහරින අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරු දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට නියමිත බවද සඳහන්.

Related posts

அரச உத்தியோகத்தர்களின் வௌிநாட்டுப் பயணம் இரத்து

Mohamed Dilsad

Najib Razak 1MDB: Malaysia’s former PM faces biggest trial yet

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඡන්දයෙන් පත්වෙයි

Editor O

Leave a Comment