Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් අද (1) ප.ව. 4.00ට නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ.

ඒ අනුව නැගෙනහිර, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුරු පළාතේ ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

சைட்டம் கல்லூரி பிரச்சினைக்கு தீர்வு – ஜனாதிபதி

Mohamed Dilsad

Indian Housing Project commences construction in Bogawana estate, Hatton

Mohamed Dilsad

உதைபந்தாட்டப் போட்டி வெற்றி தோல்வியின்றி நிறைவு

Mohamed Dilsad

Leave a Comment