නාගොඩ, යටලමත්ත ප්‍රදේශයේදී සුවසැරිය ගිලන් රථයක් සහ ටැක්ටර් රථයක් ගැටීමෙන් අද අනතුරක් සිදුවුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී යටල මත්ත විහාරස්ථානයේ අසනීප වූ හිමිනමක් සුවසැරිය ගිලන් රථයෙන් නාගොඩ රෝහල වෙත රැගෙන යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මාපලගම සිට ගාල්ල දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක් ගිලන් රථයේ ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ගිලන් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.
කෙසේ වෙතත්, අනතුරට පත් ගිලන් රථයේ සිටි හිමිනම වහාම ක්‍රියාත්මක වූ පිරිස විසින් වෙනත් රථයකින් නාගොඩ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසුවා
