වත්මන් ආණ්ඩුවට බලය ලැබුණේ පැවැති ආණ්ඩුවේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යෑමට නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වකුගඩු රෝගීන් වෙනුවෙන් රු. ලක්ෂ 38ක් වටිනා Dialog+ Single Pump Hemodialysis එකක් සහ රු. ලක්ෂ 7.6ක් වටිනා Bluedot RO System 600Gpd යන්ත්‍රයක් ප්‍රදානය කර ඇත.
මීට වසර කිහිපයකට පෙර මෙරට අන්ත දූෂිත අන්ත වංචනික බාල බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඒ ගැන හෙළිදරව් කළේත්, එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග ගෙන ආවේත් සමගි ජන බලවේගය බවද විපක්ෂ නායකවරයා කීය.
එදා සිදු වූ බාල බෙහෙත් වංචා නව ආණ්ඩුව සමග නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේ ද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වන බවත්, ඒ නිසා පසුගිය දින බාල එන්නත් නිසා කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එදා සමගි ජන බලවේගය බාල බෙහෙත්වලට කෑ ගහන විට වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පවා ඊට සහයෝගය ලබා දුන් නමුත් එදා හොර බෙහෙත් ජාවාරම නතර කරනවා යැයි කියා සටන් පාඨ කියූ වත්මන් රජයේ මැති ඇමැතිවරු අද රිසිසේ බාල බෙහෙත් බාල එන්නත් ජනතාවට බෙදා දෙන්න කටයුතු කරන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මේ ඖෂධ මාෆියාව නිසා දසදහස් ගණනකගේ ජීවිත අහිමිවන බවත් බෙහෙත් රටට ආවම ඒවා පරිභෝජනයට සුදුසු බවට සහතික කරන්නේත් අලෙවි කරන්නේත් බාල බෙහෙත් යැයි අනාවරණය වූ පසු පරීක්ෂණය කරන්නේත් සෞඛ්‍ය අමාත්‍යංශය නිසා මේ බාල බෙහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යනතර ආයතන හරහා ප්‍රමිතිය සොයා බැලිය යුතු බවත් අප රටට තවමත් බෙහෙත්වල ගුණාත්මකභාවය සෙවිය හැකි පරීක්ෂණ ආයතනයක් නොමැති බවත් මෙවැනි මධ්‍යස්ථානයක ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හිටපු ඇමැතිවරයාට සේම වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාට ද මේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත්, මේ බාල බෙහෙත් ජාවාරම ක්‍රියාත්මක කරන සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් මහපාරට බැස මේ මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවත් ඔහු කීය.
මේ බාල බෙහෙත් ජාවාරම විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන බවත්, මූලික හා මානව අයිතිවාසිකමක් වන සෞඛ්‍ය වෙනුවෙන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
