සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන, ” ‘හුස්ම”‘ වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහල වෙත රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, ආපදාවලින් අවතැන් වූ සහ නිවාස අහිමි වූ සියලු ජනතාවට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සාදා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදා කර දිය යුතු බවයි.
පහුගිය මැතිවරණ සමයේදී දානපතියන් සම්බන්ධ කරගෙන පාසල් සහ රෝහල් දියුණු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ විට, ප්‍රතිවාදීන් එය විහිළුවකට ගත් බව ඔහු මෙහිදී සිහිපත් කළේය. .
කෙසේ වෙතත්, එදා තමන් ඉදිරිපත් කළ එම වැඩපිළිවෙළ අද වන විට වත්මන් ආණ්ඩුව විසින් පිළිගෙන ඇති බවත්, දානපතියන්ගේ සහ විවිධ ආයතනවල උදව් ඇතිව පාසල් දියුණු කිරීමට සහ සහන පැකේජ සැකසීමට දැන් පියවර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.
එදා තමන්ට විවේචන එල්ල කළ අයම, අද එම වැඩපිළිවෙළ නිවැරදි බව පිළිගෙන එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කලේය
.අරණායක රෝහලට ලබා දුන් මෙම උපකරණ ද විදේශීය දානපති ආධාර මත පදනම් වූ පරිත්‍යාගයක් බවත්, සත්‍යය කවදා හෝ ජයග්‍රහණය කරන බවට මෙය කදිම උදාහරණයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
