Trending Newsඑසැන පුවත්දේශීය

ගංජා වැටලූ පොලිස් නිලධාරීයාට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදීලා | මන්ත්‍රී නිදැල්ලේ | පොලිස් නිලධාරීයා රෝහලේ

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියගේ ඉඩමක සිදුකළ ගංජා වැටලීම සිදුක පොලිස් නිලධාරියාට එම මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකර ඇතැයි වාර්තාවේ. .

එකී පහරදීම නිසා, මේ වන විට සුසන්ත නැමැති එම නිලධාරියා ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.

රාජකාරිය නිමවා එමින් සිටි අවස්ථාවේ වෙළඳසැලක් අසළදී තමන්ට මෙම පහර දීම සිදුකළ බව පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත. .

එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවත්වා තිබී ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ”මට උඹව හම්බෙන්න ඕනෑ” යැයි පවසා, .ඒ අවස්ථාවේ තමා ”හම්බවෙන්න ඕනේනම් හම්බවෙමු” යැයි කියා කී බවත් එහිදී වචන කිහිපයක් හුවමාරු වූ බවද පොලිස් නිලධාරීයා ප්‍රකාශ කර ඇත.

පසුව මොහු නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ගත් පොලිස් නිලධාරීයා ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියා යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ මොහොතේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට දමා ගසා ඇත.

එහිදී තමාගේ දෑස් නොපෙනී ගිය බවත් ඒ සමගම තමුන්ට පහරදුන් බවද පොලිස් නිලධාරීයා සඳහන් කරයි.

Related posts

Twitter urges all users to change passwords after glitch

Mohamed Dilsad

சரத் அமுனுகம அரசியலில் இருந்து ஓய்வு பெறுகிறார்

Mohamed Dilsad

பாதுகாப்பு தொடர்பில் சபாநாயகரிடம் சுட்டிக்காட்டுவது தவறா?

Mohamed Dilsad

Leave a Comment