Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංග වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බව ත් එය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ත් විපක්ෂ නායකයා සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙසේ ද කීවේය.

“මේ මොහොත වන විට මේ ආපදාවෙන් පසුව විපතට පත් ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවනෝපාය කඩා වැටිලා. ජීවිත විනාශ වී, උන්හිටිතැන් අහිමි වී සමස්ත ජන ජීවිතයම විනාශ වෙලා. කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා බරපතළ ව්‍යසනයකට පත් වී ඛේදනීය තත්ත්වයකට මුහුණදෙන අවස්ථාවක්. මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළේ වෙනසක් සිදුවිය යුතුයි. අයහපත් කාලගුණ තත්ත්ව නිවැරැදිව වාර්තාකරණය කරන තැන සිට කාර්යක්ෂම පෙර සූදානමක් ආරම්භ කිරීම අවශ්‍යයි.

රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් උපකරණ නවීන තාක්ෂණයේ උපකරණ අප රටට තවමත් නැහැ. සුනාමිය නිසා දසදහස් ගණනින් ජීවිත අහිමි වී ඇති මොහොතක මේ විනාශය ගැනත් පෙර දැනුම් දීම් සති 02ක් පුරා සිදු වුණා. ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට වගකිවයුත්තන් බලාගෙන සිටීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝණය වී ජීවත් වීමේ අයිතිය අහිමිවෙලා. මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන, අඩුපාඩු වැරැදි හදාගෙන ඉදිරියට නොගියහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙනවා.”

-මව්බිම-

Related posts

‘நாச்சியார்’ பெப்ரவரி 16 ரிலீஸ்

Mohamed Dilsad

Former FBI Chief to lead Russia inquiry

Mohamed Dilsad

අධිකරණ විනිසුරුවරු 06 දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

Leave a Comment