Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය.

තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බවයි.

මෙම ප්‍රහාර යළි ආරම්භ වී ඇත්තේ කාම්බෝජ හමුදා දේශසීමාවේ සිදුකර ඇති වෙඩි තැබීමකින් තායිලන්ත සෙබලෙකු මිය ගිය බවට තායිලන්තය විසින් චෝදනා කරමිනි.

මේ අතර, නැවත මෙම ප්‍රහාර එල්ල වීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ වන විට මතුව තිබේ.

දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදාය.

ඒ අනුව අත්සන් කර ඇති මෙම සාම ගිවිසුම නවතම ප්‍රහාර හමුවේ අවදානමකට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දේශසීමා සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් තීව්‍ර වූයේ පසුගිය ජූලි මාසයේ අවසන් භාගයේදි වන අතර මේ සමග දෙරට අතර පවතින කිලෝමීටර් 817ක දේශසීමාව මුළුමනින්ම වසා දැමීමටද තායිලන්තය පියවර ගත්තේය.

දෙරට අතර පැවති මෙම ගැටුම් හේතුවෙන් ජූලි මාසයේදී දින පහක කාලයක් තුළ පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් තවත් 300,000ක් පමණ අවතැන් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි

Related posts

கடற்றொழிலாளர்களுக்கு அடையாள அட்டை அறிமுகம்…

Mohamed Dilsad

නිරෝධායන වන අය ගැන සෙවීමට බුද්ධි අංශය යෙදවේ

Mohamed Dilsad

ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment