Trending Newsඑසැන පුවත්දේශීය

වටගලට දැඩි විරෝධයක්

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිව්දනය පහතින්.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් ! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල⁣ කළ ප්‍රකාශයට දැඩි විරෝධය

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් දෙසැම්බර් 2 වනදා මාළඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවකදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) වන අපගේ දැඩි කනස්සල්ල හා විරෝධය ප්‍රකාශ කරමු.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන හෝ මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඇතුලු ‘ දේශපාලන අධිකාරියේ තොරාගත් කිහිප දෙනෙකු ‘ ඉළක්ක කර ගනිමින් ‘ පදනම් විරහිත මඩ ප්‍රහාරයන්’ එල්ල කරමින් යන බවය. ඇමතිවරයා තව දුරටත් පවසා සිටියේ, භෞතිකව, Online මගින්, Al තාක්ෂනය මගින් ‘ අසත්‍ය අදහස් – විකෘති කිරීම්’ සිදු කළ නොහැකි බවයි. එසේ සිදු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව මේ වන විට රට තුළ පනවා ඇති ‘ හදිසි නීතිය ‘ උපයෝගී කරගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බව (සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සලකමින්) ඇමතිවරයා පවසා ඇත.

අපගේ ස්ථාවරය වන්නේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් බවයි.

එසේම, ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා පනවන ලදැයි කියන හදිසි නීතිය, දේශපාලනික විවේචන මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට තැත් කිරීම බලය අනිසි ලෙස භාවිතා කිරීමක් වන අතර, එය පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් මංකොල්ල කෑමක් බඳුය. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිතාමතාම මර්දනය කිරීමට සහ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට දරන ලද අතිශය භයානක උත්සාහයකි. විවේචනය කිරීම අපරාධයක් නොවන අතර, විවේචනයට බියෙන් එයට දඬුවම් කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකි බරපතලම හානියකි.

මෙමගින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ විචාරශීලී පුරවැසියන්ට ඇති විය හැකි බියගැන්වීම සහ ස්වයං වාරණය පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) ලෙස අප දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. එබැවින්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිදුකළ එම ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගත යුතු බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු හදිසි නීති හෝ වෙනත් නීති – රීති මගින් මර්දනය කළ නොහැකි මූලික මානව අයිතියක් බැවින් මේ පිළිබද ආණ්ඩුව සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් අප ප්‍රකාශ කර සිටිමු.

Related posts

Men in Black International trailer: Chris Hemsworth and Tessa Thompson team up in black

Mohamed Dilsad

Police seek suggestions on curbing Colombo traffic

Mohamed Dilsad

இன்றைய தினம் சுகயீன விடுமுறை தொழிற்சங்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment