Trending Newsඑසැන පුවත්දේශීය

ජංගම රෝහලක් සමග වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ජංගම රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ සහන සේවා කටයුතු වල නිරත වීමට නියමිත අතර, එහිදී ඔවුන් ගංවතුර හා ඒ ආශ්‍රිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙනු ලබයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එම නියෝජිත පිරිස යුද්ධ හමුදා  විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගි විසින් පිළිගන්නා ලදී.

ඉන්දීය හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මෙම පැමිණීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කලාපයීය හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

.

Related posts

Inflation declines to 3.3% in July

Mohamed Dilsad

STF seizes container load of smuggled foreign liquor and drugs

Mohamed Dilsad

Several Lankan refugees leave Nauru Immigration Camps for resettlement in US

Mohamed Dilsad

Leave a Comment