Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්, හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර එම රැස්වීමේදී සාකච්ඡා කර තීරණ ගන්නා බවයි.

2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

மாணிக்ககல் வர்த்தகர் ஒருவரை இலக்கு வைத்து இரத்தினபுரியில் துப்பாக்கிச்சூடு

Mohamed Dilsad

President requests public and private sectors as well as politicians to join hands in combating dengue

Mohamed Dilsad

Galle to host first ODI since 2000

Mohamed Dilsad

Leave a Comment