Trending Newsඑසැන පුවත්දේශීය

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ළඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (01) දින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාව සැපයීම පහත පරිදි සිදු කිරිමට තීරණය කර තිබේ. 

වේරහැර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, අම්පාර අනුරාධපුර හා යාපනය යන ශාඛා කාර්යාල සඳහා E-Channeling සේවාව මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභින්ට පමණක් සේවාව සැපයන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන සඳහන් කරයි.

දැනටමත් වේ‍ලාව වෙන්කරවාගත් සේවාලාභින් හට වෙන්කරවාගත් දිනයේ සිට ඉදිරි දින 14 ඇතුළත පැමිණ සේවාව ලබාගැනීම පහසුකම් සලසා තිබේ.

තාක්ෂණික දෝෂ හෝ යම් නොවැලැක්විය හැකි හේතුවක් හැරුණුකොට අනෙකුත් කාර්යාලවල සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සේවා සැපයීම සිදුකරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පවසයි.

Related posts

Import levy on 1kg of potatoes reduced by Rs.25

Mohamed Dilsad

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Bale scores as Real beat Espanyol

Mohamed Dilsad

Leave a Comment