Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයේ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණේ

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.

ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.

මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related posts

Walt Disney to buy Fox’s entertainment assets

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

Mohamed Dilsad

Muslim Congress not to support 20th Amendment

Mohamed Dilsad

Leave a Comment