Trending Newsඑසැන පුවත්දේශීය

මාව්ල්ආරු වැව් බැම්ම අශ්‍රිත ජනතාව ඉවත් කිරීමට පියවර

මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසයි.

කෙසේ වෙතත් තවමත් බැම්මේ බිඳී යෑමක් සිදුව නොමැති බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.

එනිසා ඒ සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්  ආරක්ෂක අංශ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ කටයුතු සිදුකරන ලෙසත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් කියා සිටියේය.

Related posts

Former MP Duminda Silva’s death sentence affirmed by Supreme Court

Mohamed Dilsad

Four arrested for illegal gem mining

Mohamed Dilsad

නීතිඥ වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Editor O

Leave a Comment