Trending Newsඑසැන පුවත්දේශීය

කොටුගොඩ විදුලිය බෙදාහැරීමෙි ග්‍රිඩ් උපපොළ ක්‍රිය විරහිත කරයි ; පරිශ්‍රය ජලයෙන් යටවෙලා

කොටුගොඩ ප්‍රදේශයේ ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවට ගංවතුර තත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මුළු උපපොළ පරිශ්‍රයම ජලයෙන් යටවී ඇති බවය.

ජල මට්ටම ඊයේ (29) සවස වන විට, පාලක පැනල මට්ටමට ළඟා වී ඇති බැවින් තත්ත්වය ආරක්ෂිත මෙහෙයුම් සීමාවන් ඉක්මවා ඇතැයිද ඒ හේතුවෙන් ආරක්ෂිතව කොටුගොඩ ග්‍රිඩ් උපපොළ විසන්ධි කිරීමට තීරණය කළ බවත් විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 

Related posts

மேற்கத்திய பாடகியாகும் ஆண்ட்ரியா

Mohamed Dilsad

සජිත්ට තර්ජන

Mohamed Dilsad

Examination Department’s Special Announcement for A/L Private Candidates

Mohamed Dilsad

Leave a Comment