Trending Newsඑසැන පුවත්දේශීය

කුරුණෑගල ස්ථාන තුනක සිදුවූ නායයෑම්වලින් 09 දෙනෙක් ජීවිතක්ෂයට ; 24 දෙනෙකු අතුරුදන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක සිදු වූ දරුණු නායයෑම් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු (09) මියගොස් ඇති අතර, තවත් 24 දෙනෙකු අතුරුදන්ව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, කුරුණෑගල ඉදුල්ගොඩ කන්දේ කොටසක් නායයෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව සිටි අතර, ඉන් 05 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවය.

එමෙන්ම ඉබ්බාගමුව, අරගමන්කන්ද නායයෑමෙන් නිවාස කිහිපයක් යටවී ඇති අතර, ඉන් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ.

ඕමාරගොල්ල ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෙම නායයෑම් 3කින් පුද්ගලයින් 09 දෙනෙකුගේ මරණ දැනට වාර්තා වී ඇති අතර, දැනට අතුරුදන් වූ සංඛ්‍යාව 24ක් ලෙස සටහන් වේ. මුදවා ගැනීමේ කටයුතු ආරක්ෂක අංශවල සහාය ඇතිව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Related posts

යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

Mohamed Dilsad

විලියම් කුමරු රාජකීය සංචාරය අතරතුර ජෝර්දානයේ ඉපැරණි නගරයට පැමිණෙයි

Mohamed Dilsad

ஒரே பிரசவத்தில் நான்கு குழந்தைகளை பிரசவித்த தாய்!!

Mohamed Dilsad

Leave a Comment