Trending Newsඑසැන පුවත්දේශීය

දැදුරු ඔය පිටාර ගලයි ; අධි ගංවතුර තත්ත්වයක්; අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරුවන් වහා ඉවත් වෙන්න….

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ අඩි 77,400ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතී.

රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපක අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට මෙම අධි ගංවතුර තත්ත්වයෙන් බලපෑම් ඇති වේ.

දැදුරු ඔය ද්‍රෝණියේ පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාශයන්හි දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ අධි ගංවතුරක් ඇති වෙනු ඇත.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අධි ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහතින් දැක්වේ.

Related posts

Finance Ministry assures debt servicing on time

Mohamed Dilsad

வெள்ளவத்தை புகையிரத நிலையத்திற்கு அருகில் சடலம் மீட்பு

Mohamed Dilsad

Import levy on big onions increased

Mohamed Dilsad

Leave a Comment