Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයි

යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව, යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි පවසයි.

පසුගියදා අමෙරිකාව යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 28ක සාම සැලැස්මක් ඉදිරිපත් කළේ ය.

ගෙවුණු දින කිහිපය පුරා අමෙරිකානු, යුරෝපා, යුක්‍රේන සහ රුසියානු නියෝජිතයින්, ජීනීවා සහ අබුඩාබි යන නගරවල ඒ සම්බන්ධයෙන් සාකච්ඡාද පවත්වන ලදි.

නමුත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ, එහිදී මතුවූ මතබේදාත්මක කරුණු, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඍජුව සාකච්ඡා කළයුතු බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊයේ (25) පස්වරුවේ සඳහන් කළේ අමෙරිකාවේ විශේෂ නියෝජිත “ස්ටීව් විට්-කොෆ්” යුක්‍රේනය සමගත් අමෙරිකානු හමුදා ලේකම් “ඩෑන් ඩ්‍රිස්-කොල්” රුසියාව සමගත් සාකච්ඡාවල නිරත වනු ඇති බවය.

ඉන් පසුව, දෙපාර්ශවයම සටන් විරාමයට එකඟ වූ පසු, අවසන් අදියරේදී පමණක්, තමන් ව්ලැඩ්මියර් පුටින් සහ වොලොඩමියර් සෙලෙන්ස්කි යන ජනාධිපතිවරුන් හමුවීමට සූදානම් බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ ය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O

இலங்கையில் இருந்து பாகிஸ்தான் செல்லும் விமானங்கள் இரத்து

Mohamed Dilsad

China’s first big passenger plane to take maiden flight

Mohamed Dilsad

Leave a Comment