Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පවත්වන දිනය තීරණය කරයි

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිළවරණය ලබන දෙසැම්බර් 09 වැනි දින පැවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නිවේදනය කර තිබේ.

ඉංග්‍රීසින් ගේ පාලනය විසින් දේවාල නින්දගම් පාලනය පිණිස රජයේ නියෝජනය පිණිස බස්නායක නිළමේවරයකු පත් කර ගැනීමට වසර 05 කට වරක් සිදු කිරීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.

කතරගම දේවාලයේ බස්නායක නිළය සදහා ඡන්ද ලබා දෙනු ලබන 17 දෙනා වන්නේ කකතරගම ශ්‍රී අභිණවාරාමය, කතරගම කිරිවෙහෙර, වැඩසිටිකන්ද රාජමහා විහාරය, සෙල්ල කතරගම මහාසෙන් රාජමහා විහාරය, රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන නිළමේ, බිබිල කොටබෝව දේවාලයේ බස්නායක නිළමේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනායි.

Related posts

கட்சிகள் இரண்டும் ஒன்றாக இணைவது சாத்தியமில்லை  – பி.ஹெரிசன்

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර විශේෂ හමුවක්

Editor O

YouTube stars Lilly Singh and Roman Atwood’s accounts hacked

Mohamed Dilsad

Leave a Comment