Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, සොරණාතොට සභාවේ අයවැය දෙවන වරත් පරාදයි….

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (21) පරාජයට පත්ව තිිබේ.

එහිදී විපක්ෂය නියෝජනය කරන සභිකයින් 07 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබිණ.

අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 06ක් ඡන්දය භාවිතා කර තිබූ අතර ඒ අනුව එක් ඡන්දයකින් ජාතික ජන බලවේග පරාජයට පත්වුණි.

මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයේ සභිකයින් 06 දෙනෙකුද සමන්විත අතර අද දින අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවට නොපැමිණි බවද වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.

මේ අතර සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අද පැවැති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කළේය.

Related posts

SLMC ordered to register all foreign graduates

Mohamed Dilsad

Loaf of bread up by Rs.5 from midnight

Mohamed Dilsad

Murray open to “Ghostbusters 3” cameo

Mohamed Dilsad

Leave a Comment