Trending News

මැතිවරණ කොමසාරිස් ලෙස රසික පීරිස් වැඩ බාර ගනී

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා අද (14) පෙරවරුවේ වැඩ බාරගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් ලෙස, 1998 මාර්තු 2වනදා පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

Related posts

ගම ම එක මිටට – පොල් පොල් පෝලිමට

Editor O

ரோயல் பார்க் கொலை – குற்றவாளிக்கு பயணத் தடை நீடிப்பு!

Mohamed Dilsad

CSK அதிரடி வெற்றி பற்றி சில பிரபலங்களின் ட்விட்டர் கருத்துக்கள்

Mohamed Dilsad

Leave a Comment