Trending Newsඑසැන පුවත්දේශීය

හරිනි සහ මහින්ද ජයසිංහ අතර ගැටුමක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පැවැත්වීමට රජය සූදානම් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් සිය දැඩි විරෝධය පළ කර තිබේ. ලංකා ගුරු සේවා සංගමය ජනතා විමුක්ති පෙරමුණේ ගුරු වෘත්තීය සමිතිය වෙයි. මහින්ද ජයසිංහ එහි ප්‍රධාන තනතුරෙන් දරයි.

ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම ප්‍රකාශ කළේ, දරුවාගේ අධ්‍යාපනය වඩාත් ඵලදායී ලෙස සිදුවිය යුත්තේ උදෑසන 7:00 සිට සවස 1:30 දක්වා වූ කාල සීමාව තුළ බවයි.

පාසල් වේලාව දීර්ඝ කිරීමට එරෙහි මෙම ස්ථාවරය ගෙන ඇත්තේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ විද්‍යාත්මක පදනමක පිහිටා බවද සංගමය අවධාරණය කරයි. එමෙන්ම, මෙම පිළිගැනීම ජාත්‍යන්තරවද සනාථ වූවක් බව ඔවුන් පෙන්වා දෙයි.

ධම්මික අලහප්පෙරුම වැඩිදුරටත් පැවසුවේ, පාසල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ නොකරන ලෙසට තම සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇති බවයි. මෙම යෝජනාව, එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකදී විශේෂයෙන්ම ඉදිරිපත් කර තිබේ.

ලංකා ගුරු සේවා සංගමයේ අපේක්ෂාව වන්නේ, දරුවන්ගේ අධ්‍යාපනයේ ඵලදායීතාවය තකා ඉදිරිපත් කළ මෙම යෝජනා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි.

Related posts

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

Amendments possible to the Delimitation Report – Minister

Mohamed Dilsad

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment