Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට පහරදුන්, මාලිමා මන්ත්‍රීගේ පුත්‍රයා රිමාන්ඩ්

මාතර දුම්රියපොල ඉදිරිපිට දී පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (10) නියෝග කළේය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාතර, කැකණදුර පදිංචි උසස් පෙළ ඉගෙනුම ලබන අවුරුදු 17 හා 18 වයසේ පසුවන සිසුන් දෙදෙනෙකිි .

ඔවුන්ගෙන් 17 හැවිරිදි වයසේ පසුවන සිසුවා පරිවාස භාරයේ තබන ලෙසට ද නියෝග කළළේය.

උසස් පෙළ පන්ති අවසන් කර මාතර දුම්රිය පොළ ඉදිරිපිටට එන අතරතුර දී මෙම පහරදීම සිදු කර තිබෙන බවත් පහරකෑමට ලක් වු සිසුවකු ගාල්ල කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්හ.

එසේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක්.

මෙම පහරදීමට සම්බන්ධව තවත් සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදු කරන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක ද පටිගත වී තිබුණා.

Related posts

Archaeological excavation work begins after 125 years

Mohamed Dilsad

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

නේවි රුවන්ට සහය දුන් පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment