Trending Newsඑසැන පුවත්දේශීය

බෙරලපනාතර සමූප ඡන්දයෙන් මාලිමාව ට අන්ත පරාජයක් ; ආණ්ඩුවේ ඇමතිවරුත් කැන්වසින් ගිහින්

මෙරට විශාලතම සමුපකාරයක් ලෙස සැලකෙන මාතර බෙරලපනාතර සමුපකාරයේ නිලවරණ ඡන්ද විමසීම ඊයේ (09) පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මගින් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමට අන්ත පරාජයක් හිමි විය.

සභිකයින් 99 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැති මෙම ඡන්ද විමසීමේදී ප්‍රතිඵල වාර්තා වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයට සාමාජිකයින් 84 දෙනෙකු සහ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ කණ්ඩායමට සාමාජිකයින් 15 දෙනෙකු වශයෙනි.

මෙම සමුපකාරය ජාතික ජනබලවේගය ආණ්ඩුවට කෙතරම් වැදගත් වී ඇත්ද යත්, පසුගිය සතිය තුළ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා මෙම ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සමුපකාර ඡන්දයේදී, මාලිමාවේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන, පස්ගොඩ ප්‍රා.සභාවේ මාලිමාවේ සභාපති විජිත රන්ගමගේ ඉදිරිපත් වූ කොට්ඨාසයද අන්ත පරාජයකට ලක්ව තිබේ

Related posts

අද කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

CITES CoP18 will be held in Colombo in May 2019

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන්න – ඇමරිකානු රජයෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment